Latestදේශීය

උග්‍ර විශ ශරීරගතව මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට

(ගයාන් සූරියආරච්චි, කේ. බුද්ධික කුමාරසිරි, ශාන්ත් ප්‍රදිප් කුලරත්න සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ආගමික දර්ශනවාදී දේශනා පැවැත් වු බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් මස 28 දින හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර වස වර්ගයක් වර්ගයක් භාවිතා කර සියදිවි හානි කර ගෙන තිබූ බවත් ඊට දින දෙකකට පසු ඔහුගේ අවසන් කටයුතු සිදු කළ දින රාත්‍රී දේශකයාගේ  බිරිඳ සහ දරුවන් තිදෙනා ද ඒ ආකාරයට විස ශරීර ගත වී මිය යෑමත් සමග පොලිසිය ලොකු අර්බුදයකට මුහුන දුන්නේය. මේ ආකාරයෙන් හත් දෙනාම කුඩුවර්ගයක් පානය කර ඇති අතර සෑම කෙනකුම මියගොස් ඇත්තේ එකම වර්ගයක් පානය කිරීමෙන් ද යන්න ගැන සෙවීමට රස පරීක්ෂකවරයා පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.  

මේ සම්බන්ධයෙන විමර්ශණයක් ආරම්භ කරන්නැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී ඇතැයි ද පොලිසිය පවසයි.

මියගොස් සිටින සරසවි තේරුණු සිසුවිය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.  34 හැවිරිදි තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකට නවාතැන් ගෙන ඇති බවත් පසුව සවස හයට පමණ පිටව යන බවට නවාතැන් පොලෙහි කළමණාකාරීත්වය දැනුවත් කර තිබුනද රාත්‍රි හත පමණ වන විටත් පිටත්ව නොගිය බැවින් එහි සේවකයින් සිදුකල සෝදිසියේදී අදාල කාමරයෙහි ඇදක් මත සිහිසුන්ව වැටී සිටි තරුණයා දැක ඒ පිළිබඳව මහරගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එහි ගොස් සිදුකල පරීක්ෂාවේදී මියගොස් සිටි තරුණයා කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වූ බව ද මහරගම පොලිසිය පවසයි.

මෙම තරුණයාද ආගමික දේශනා පැවැත් වූ දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසට අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ සිට පැමිණ එම අවමංගල්‍ය කටයුතු සදහා දායකත්වයක් දක්වා ඇති බව පොලිසි කළ පරික්ෂණවලින් හෙළිවි ඇත.

ඔවුන් පිළිබදව අවමංගල්‍ය නිවසේ ඥාතීන් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය  ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම තරුණයා පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ මියගොස් සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේ බවත් තමන් ඔහුගේ දේශන මත යමින් ජීවත්වන බවත් පවසා ඇත.

එසේම යක්කල ප්‍රදේශයේ දී වස වර්ගයක් පානය කර සියදිවි නසාගත් බව කියන තරුණිය ද ඇයගේ සහෝදරියක සමගින් ආගමික දේශනා පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සදහා සහභාගී වී සිටියදී පොලිසිය තොරතුරු විමසා එම තරුණියගේ මාපියන් දැනුවත් කර නිවසට ගෙන්වා ගන්නා ලෙස එම අවස්ථාවේදී ම දැනුම් දුන් බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක චානක උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ පොලිස් සැරයන්වරුන් වන 32928 සිර්මාන්න 60152 සමීර යන නිළධාරීන් අදාල සියදිවි නසා ගත් හය දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?