විදේශීය

ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍රා චැටර්ජි අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍රා චැටර්ජි අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් වෛරස ආසාදනය වීමෙන් මෙහු දිවි ගමනෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍ය අද (15) සඳහන් කළේය.

වෛරසය ආසාදනය වීමෙන් පසුගිය ඔක්තෝබර් මස 6 වනදා කොල්කටා නුවර රෝහලකට ඇතුළත් කර ඇති අතර මසකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය මෙලෙස මිය ගොස් ඇත. ඔහු මිය යන විට 85වන වියේ පසුවිය.

සිය කලා ජිවිතයේ වේදිකා නළුවෙකු කවියෙකු තිර රචකයෙකු මෙන්ම චිත්‍රපට 14 ක පමණ ප්‍රධාන නළුවකු ලෙසත් රංගනයෙන් දායක වූ සෞමිත්‍රා චැටර්ජි මහතා සිනමා නිර්මාණ 300කට පමණ දායක වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ ගෝලීය රටවල් ලැයිස්තුවේ ඉන්දියාව මේ වන විට් 2වන තැන සිටින් අතර දිනකට විශාල මරණ සංඛ්‍යාවක් ද වාර්තා වන බව විදෙස් මධ්‍ය සඳහන් කරයි.

මේ වන විට ඉන්දියාව තුළින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,816,401ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව129,696 ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?