දේශීය

IDH රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනී

කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය පුත්‍රයා සමග පළාගිය කාන්තාව ඊයේ (21) රාත්‍රියේ ඇහැළියගොඩ හිඳුරංගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මේ වනවිට ඇයව ගල්ලෑව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාව හෙරොයින් මිලිග්‍රෑම් 1,500ක් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අයෙක් වන අතර සිය අවුරුදු දෙක හමාරක දරුවා ද සමග ඇයව කුරුවිට බන්ධනාගාරයට යොමු කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ එහිදී කළ PCR පරීක්ෂණයේදී ඔවුන් දෙදෙනා කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග IDH රෝහලට යොමු කර තිබූ බවයි.

අදාළ කාන්තාව ඇහැළියගොඩ පරණ දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තැනැත්තියකි.

ඇය ඇහැලියගොඩ පිහිටි ඇගේ ඥාති නිවසකට ගොස් නිවැසියන්ට දරුවා භාර දී පලා ගොස් තිබුණු අතර මේ වනවිට එම නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?