ක්‍රීඩා

තරගයේ පළමු ජය කළම්බෝ කිංග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග වටය ඊයේ (26)  කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර හා කළම්බෝ කිංග්ස් කණ්ඩායම අතර පැවැත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ආරාධනා කරන ලදි.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තම පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් විය.

නායක කුසල් ජනිත් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දුවාර 5.4ක් තුළ ලකුණු 75ක වේගවත් සබදතාවයක් ගොඩ නැගීමට සමත් විය.

නායක කුසල් ජනිත් පන්දු 52ක දී හතරේ පහරවල් 09ක් හා හයේ පහරවල් 04 සමග ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය

අසේල ගුණරත්න නොදැවී ලකුණු 33ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් හා ගුර්බාස් පන්දු 22ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 53ක් රැස් කරමින්  කැන්ඩි ටස්කස් ඉනිම ශක්තිමත් කරන ලදි.

පන්දු යැවීමේ දී මන්ප්‍රීට් ගෝනි, දුෂ්මන්ත චමීර සහ කායිස් අහ්මඩ්හට එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට හැකි වී ඇත.

කළම්බෝ කිංග්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 219ක් පමණක් ලබා ගැනීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් පන්දු 46ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 80ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් තරගයට එක් කරන ලදි.

ඇන්ඩ්‍රි රසල් ලකුණු 24ක්, ඉසුරු උදාන පන්දු 12ක දී හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට පත් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලීය.

තරගයේ ලකුණු මට්ටම සම වීම හේතුවෙන් ජයග්‍රාහී කණ්ටායම තෝරා පත් කර ගැනීම සදහා සුපිරි පන්දුවාරක් කණ්ඩායම් දෙකටම හිමි විය.

එහි දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බෝ කිංග්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගැනීමට සමත් විය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

ඒ අනුව තරගයේ ජය කළම්බෝ කිංග්ස් කණ්ඩායමට හිමි විය.

දිනේෂ් චන්දිමාල් තරගයේ වීරයා  ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?