දේශීය

4G තාක්ෂණ සහිත කලාප වැඩි දියුණු කිරීමට පුළුල් අධ්‍යනයක්

මෙරට 4G තාක්ෂණ සහිත කලාප පිළිබඳ සොයා බැලීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පුළුල් අධ්‍යනයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා පත් කළ ව්‍යෘපෘති කමිටු දැනට සිදු කළ පරීක්ෂණයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 16ක සන්නිවේදන ගැටලු ඇති බවට හඳුනා ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානයක මහතා පවසයි.

අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඉදිරියේදී -ගමට සන්නිවේදනය- වැඩසටහන යටතේ සන්නිවේදන ගැටලු සොයා අධ්‍යනය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.

එම ගැටලුවලට පිළියම් ලෙස දිවයින පුරා සන්නිවේදන කුළුණු ඉදි කිරීමට මෙවර අයවැයෙන් බිලියන 70ක් වෙන් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානයක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර කොවිඩ් හේතුවෙන් දිවයිනේ පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට Online ඔස්සේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියා සිදු කිරීමට e තක්ෂලාව යටතේ නොමිලේ ඩේටා ලබා දීමට ද‍ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?