දේශීය

මුව ආවරණ නොපැළඳ සිටි තවත් 15 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (22) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුව ආවරණ නොපැළඳ සිටි 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තොම්බර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,725 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන රීතීන්ට අනුකූලව ආයතන පැවැත්වෙන්නේ දැයි ජනවාරි 10 වනදා සිට මේ දක්වා ආයතන 6,919ක් පරීක්ෂාකර තිබේ.

ඉන් 1,004 එලෙස නොමැති බවට හඳුනාගෙන එම ආයතනවලට නඩු පැවරීමට අදාළ කටයුතු සිදුවෙමින් ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

අද (23) දිනයේද කොළඹ සහ බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *