දේශීය

මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණිය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක්, අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන ඇත.

ඇය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති බවත් දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (02) දිනයේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකළ බවයි.

එවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?