බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
ගාල්ල විදුලි අධිකාරිවරයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වඳුරඹ පොලිසිය සඳහන් කළේ 37 හැවිරිදි බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකාර මන්ත්‍රීවරයා මීට පෙර ද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි 2 ක් ලැබී ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
