දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව දන්වා ඇත.

අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සිය වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අද දින රාත්‍රී 12.00ට වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වෙන්නට තීරණය කර ඇති බවයි.

එසේම මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වීමට මූලික කරුණ වී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සේවක හිඟය බවත් දෙපාර්තමේන්තුව පුරප්පාඩු ගොන්නක් මැද්දේ කටයුතු කිරීමේ දී වැඩි කල් නොගොස් සියලු කටයුතු අඩාල වීමට නියමිත් බවත්  සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැහැදිළි කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *