දේශීය

වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් 06 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

වී අලෙවි මණ්ඩලයේ සිදුව ඇතැයි සඳහන් වන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් එහි ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් 06 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙලෙස සේවය අත්හිට වූ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් අනියුක්ත කිරිමට පියවර ගෙන ඇති බවයි.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *