ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 18 වනදා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කෙරෙයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ 18 වනදා පෙරවරු 8.30 සිට 19 වනදා අලුයම 2.30 දක්වා පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයකට එළෙස ජල කප්පාදුවක් සිදු කෙරෙන බවයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ බෝපෙ – පෝද්දල, හපුගල, අක්මීමණ, හබරාදූව, කොග්ගල, අහංගම, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
