දේශීය

විශ්ව විද්‍යාල සඳහා පසුගිය වසරට වඩා සිසුන් 10,579 ක් – මහාචාර්ය සම්පත් අමරතුංග

මෙම වසරේදී  විශ්ව විද්‍යාල සඳහා පසුගිය වසරට වඩා සිසුන් 10,579 ක් සිසුන් බඳවා ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

අන් වසරවලදී බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය 30,000 ක් පමණ බවත් මෙම වසරේදී එම ප්‍රමාණය 40,000 ඉක්මවා යන බවත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් වෛද්‍ය විද්‍යාල සඳහා අමතර සිසුන් 481ක්, ඉන්ජිනේරු පීඨ සඳහා සිසුන් 565 ක්, විද්‍යා පීඨ සඳහා 2,973 ක්, තාක්ෂණ පීඨ සඳහා 1,099 ක්, වාණිජ හා කළමණාකරන පීඨ සඳහා 1,803 ක්, කලා විෂය සඳහා 1,680 ක් සහ සෞන්දර්යය පීඨ සඳහා 318 ක් ලෙස අමතර සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතය.

මීට අමතරව මෙම බඳවාගන්නා සිසුන් වෙනුවෙන් මෙම වසරේදී අවශ්‍යකරන ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමක් සිදු කෙරුණු අතර ආචාර්යවරුන් 500ක් පමණ බඳවා ගැනීමට ද මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මේ වන විට නව ආචාර්යවරුන් බඳවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?