දේශීය

අති විශේෂ ගැසට් නිවේදනයක් ජනපතිගෙන්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනයට අනුව පෙබරවාරී 15 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විෂය පථයන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක , හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18කි.

1.       1.ආගමන විගමන දෙපාර්තමේන්තුව,

2.       2රෙජ්ස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව,

3.       3.රාජ්‍ය නොවන සංවිධාන සඳහාවන ලේකම් කාර්යාලය

4.       ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව

5.       5.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

6.       6.ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන

7.       7.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,

8.       8.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

9.       9.රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඩ්

10.   10.රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය

11.   11.ජාතික අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලය

12.   12.ආරක්ෂක සේවා පාසල

13.   13.ජාතික ආරක්ෂක අරමුදල

14.   ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

15.   15.ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය

16.   ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය

17.   17.රණවිරු සේවා අධිකාරිය

18.   අපි වෙනුවෙන් අපි අරමුදල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර ති‌බේ.

ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 7 කි.

1.       ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

2.       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

3.       ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේනතුව

4.       මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය

5.       ඉඩම් මැනුම් සභාවෙ

6.       ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව

7.       ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව‍

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?