දේශීය

සරසවි සිසුන්ටත් කොරෝනා එන්නත්

විශ්වවිද්‍යාල සිසුන්ට ලබන මාසයේ සිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ තීරණයට එළඹුණු බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

ඊට සමගාමීව දැනට වසා දමා ඇති සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට ද සැලසුම් කර තිබේ.

මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ  135,000 ක් පමණ වන විශ්වවිද්‍යාල සිසුන්ට අදියර කිහිපයක් යටතේ එන්නත් ලබාදෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?