Latestදේශීය

මහජන කවුන්සිලය කාටද? සංවාදශීලී කතිකාව

ජනතා බලය ජනතාව සතුද? මහජන කවුන්සිලය කාටද? යන මැයින් කළුතර මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන සංවාදශීලී කතිකාව හෙට (02) සවස 2.00ට කළුතර විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සංවාදශීලී කතිකාවේ ප්‍රධාන දේශනයන් මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ කතිකාචාර්ය සුමිත් චාමින්ද යන මහත්වරුන් විසින් සිදු කිරීමට නියමිතයි.

වසර 74ක පාලන කාලය තුළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නියෝජිතවරු පත් වුවද ඔවුන් හරහා ජනතාවගේ පරමාධිපත්‍යය බලය තහවුරු නොවුනු බැවින් අද වනවිට දරුණු අගාධයකට සමාජය ඇද වැටී ඇති බවයි කළුතර මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය පවසන්නේ.

එබැවින් ජනතා බලය ජනතාව සතු වන නව දේශපාලන අභ්‍යාසයක් සදහා මහජන කවුන්සිල් හරහා ඉදිරි සංවිධාන කටයුතු දියත් කරන බව එම වයාපාරය වැඩිදුරටත් පවසනවා.

කිසිදු දේශපාලන පක්ෂයක , ආගමික හෝ වෙනයම් සංවිධානයක අරමුණු මත ක්‍රියාත්මක නොවන මෙම ව්‍යාපාරය හරහා රටේ පොදු මහජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සදහා සියලු ජනකොටස් සමග එක්වී පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කරන බව කළුතර මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ කැදවුම්කරු (ලංකා ගුරු සංගමයේ භාන්ඩාගාරික) ආනන්ද වීරසිංහ මහතා පැවසුවා. තවද ඇත්ත ජනතා බලයක් වෙනුවෙන් ක්‍රියාකරන ඕනෑම අයෙකුට තම පොදු ජන අරමුණ ජයගත හැක්කේ මෙවැනි වැඩපිළිවෙලක් හරහා පමණක් බවයි වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?