Latestදේශීය

ජූනි 08 කොළඹ වටලන සටන අරඹනවා

මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දමා ජුනි මාසේ 09 වෙනිදාට මාස 03ක් අවසන් වන බවත් ඡන්දය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසේ 08 වෙනිදා යළි සටන දියත් කර අවසානයේ කොළඹ වටලන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (27) බලපියිට ආසන සමුළුවේදී හෙළි කළේය.

පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ජුනි මාසෙ 08 වෙනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යන බවත් එහිදී ඔහු පැවසීය.

“ජනවාරි 05 ඡන්දය ප්‍රකාශයට පත් කළා. පෙබරවාරි 21 නාමයෝජනා බාරගෙන ඉවර කළා. මාර්තු මාසේ 09 ඡන්දෙ තියන්න තිබුණා. ජුනි 09ට මාස තුනක් ගතවෙනවා. ඡන්දෙ තියලා නැහැ. ඡන්දේ කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ ඡන්දය ලබා ගැනීම සඳහා අපි අපේ ක්‍රියාමාර්ග ලෑස්ති කරලා තියෙන්නේ.

පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ජුනි මාසෙ 08 වෙනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යනවා.

හම්බන්තොට ලොකු උද්ඝෝෂණයක් තියනවා. ඊට පස්සේ අනුරාධපුරේ, ඊට පස්සේ ගම්පහ ලොකු උද්ඝෝෂණයක් තියනවා. ඊට පස්සේ කොළඹ වටකරපු මහා ජන සටනකට අපි ලෑස්තියි.” යැයි ඔහු එහිදී අවධාරණය කරමින් කියා සිටියේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?