ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජයත් කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ(10) නෝර්ත් සවුන්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කිරීමට සමත්විය.

අශේන් බණ්ඩාර තම පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ දී  පන්දු 60ක් තුළ හතරේ පහර 4ක් සමගින් ලකුණු 50ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 39කට කඩුලු 2ක් හා ජේසන් මොහොමඩ් ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙලන ලදි.

ලකුණු 233 ක ජයග්‍රාහී ඉලක්කය සමග පිටියට පැමිණි කොදෙව් කණ්ඩායම කඩුලු දෙකක් පමණක් බිඳ වැටී තිබියදී ලකුණු 236ක් ලබාගනිමින් තරගයේ ජය තමන් සතු කර ගත්තේය.

එහිදී කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂායී හෝප් ලකුණු 110 ක් රැස් කළේය.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?