දේශීය

නිවුන් දරුවන් බිහිවීම වාර්තාගත ලෙස ඉහලට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් බහුලව වාර්තා වන බව ඒ පිළිබඳව කළ අධ්‍යයනයනික් හෙළිව තිබේ.

රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණයන් මෙම සඳහා භාවිතා කර ඇති අතර ලෝක ජනගහනයෙන් සියයට 99 ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන්හි විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරයි.

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයේ තොරතුරු මගින් වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ සමාජ විද්‍යාව හා ජාන විකාශනය පිළිබඳ මහාචාර්යවරියක් වන ක්‍රිස්ටියාන් මොන්ඩන් සඳහන් කළේ මෙය කැපී පෙනෙන ප්‍රවණතාවක් වන බවයි.

පසුගිය අවුරුදු 40 ත් 50 ත් අතර කාලය තුළ ධනවත් හා සංවර්ධිත රටවල ද්විත්ව උපත් අනුපාතවල ප්‍රබල වැඩිවීමක් දැක ගත හැකි වූ බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ උතුරු අමෙරිකාවෙන් වන අතර එය සියයට 71ක වර්ධනයකි.

එමෙන්ම යුරෝපයේ සියයට 60කින් සහ ආසියාවේ සියයට 32කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?