දේශීය

පාසල් සිසුවාට පහරදුන් සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පසුගිය දා නිමාවට පත් වූ සාමාන්‍ය පෙළ  විභාගයට මුහුණ දුන් සිසුවෙකුට පහරදී තුවාල සිදු කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනෙකු හෙට (15) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගාල්ල ප්‍රදේශයේ ඉකුත් 08වන දා මෙම පහරදීම සිදුකර තිබුණේ එම පාසලේම සිසුන් පිරිසක් විසින් වන අතර පහරදීමෙන් සිසුවාගේ කනට බරපතල හානි සිදුව තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?