දේශීය

සංචාරකයින් ලක්ෂ 4 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් ලක්ෂ 4 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.

ඒ අනුව රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර ඇත්තේ.

එසේම සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සෑම පහසුකමක් ම සලසන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?