Latestදේශීය

ජනගහනයෙන් භාගයක් ආහාර අර්බුධයක – ලෝක ආහාර වැඩසටහන

මෙරට ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර ඇති බවත් තවත් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව ‍ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ‍පසුගිය දෙසැම්බර් මාසයට අදාළව නිකුත් කළ නවතම වාර්තාව අනුව දැක්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක් ප්‍රමාණවත් තරම් ආහාර පරිභෝජනයට නොගන්නා බවත් 35%ක ප්‍රමාණයක් තමන් ගන්න ආහාර වේල් ප්‍රමාණයන් අඩුකර ඇති බවත් 58%ක ප්‍රමාණයක් ණය මත පදනම්ව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වැඩිම ආහාර අනාරක්ෂිත භාවය ඌව පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 43%කි. දෙවනුව සබරගමුව පළාතෙන් වාර්තා වන අතර එය 38%කි. තෙවනුව මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය 34%කි.

අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.

වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

සෙසු පළාත් ගත්විට නැගෙනහිර 33%ක්, බස්නාහිර 33%ක්, දකුණ 31%ක්, වයඹ 30%ක්, උතුරු මැද 29%ක් වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති අයුරු වාර්තා වී තිබේ.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?