විදේශීය

පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8ක සංචාරකයින්ට සිංගප්පූරුවට පැමිණීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8ක සංචාරකයින් සඳහා හෙට (19) සිට සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබාදී තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ අදාළ සංචාරකයින් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බවයි.

සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් පසුව එරට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණී.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් වෙනුවෙන් ද රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සිංගප්පූරු බලධාරීන් වැඩිදුරටත් දන්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?