දේශීය

හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩු කටයුත්තක් අවසන් කිරීමට නියෝග

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු (27) අවසන් කිරීමට නියේග කර තිබේ.

එම පැමිණිල්ල අද කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවත් ඒ හේතුවෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කරන ලෙසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?