දේශීය

මහ බැංකු අධිපති ධූරය 05වන ස්ථානයට

වත්මන් මහ බැංකු අධිපතිධූරය රාජ්‍ය පුද්ගල ධූරාවලියේ පස්වන ස්ථානය දක්වා උසස් කර තිබේ. ඒ අනුව මහබැංකු අධිපතිවරයා හට කැබිනට් අමාත්‍යවරයකුට අයත් වරප්‍රසාද හිමිවනු ඇත.

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට අනුව මෙරට පළමු පුරවැසියා වන්නේ විධායක ජනාධිපතිවරයාය. අගමැතිවරයා දෙවන පුරවැසියා වන අතර කතානායකවරයා පුද්ගල ධූරාවලියේ තෙවන ස්ථානය ගනී. සිව්වන ස්ථානය අගවිනිසුරුවරයාට හිමි වේ.

පස්වන ස්ථානය සඳහා විපක්ෂනායක, කැබිනට් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් යන තනතුරු මෙතෙක් වෙන් වූ අතර අද (27) සිට එම 5වන ස්ථානය සඳහා මහබැංකු අධිපති ධූරය ද අයත් වේ.

හිටපු මහබැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් පොදුජන පෙරමුණු ආන්ඩුවේ (09 වන පාර්ලිමේන්තුවේ) මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුත කළ අතර පසුගිය සැප්තැම්බර් 13 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 ජූලි මස සිට 2015 ජනවාරි මස දක්වා වසර 9කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අතර දොළොස්වන අධිපතිවරයා ලෙස මහබැංකු ඉතිහාසයට එක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ අතර ඒ අනුව ඔහු වත්මන් මහබැංකු අධිපති ධූරයේ කටයුතු කරනු ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?