දේශීය

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට

මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (01) ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව පළමුවෙන් බූස්ටර් එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටයි.

මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස හයක් ඉක්ම වූ පුද්ගලයින්ට වන අතර බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් යාචකයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මෙහෙයවීමෙන් ය.

පොලිසිය සඳහන් කළේ ඊයේ (30) පැය 7කට ආසන්න කාලයක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමකදී කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අතරින් 22 දෙනෙකු සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් බවයි.

මෙහිදි බස්නාහිර පළාතේ යාචකයින් 541 දෙනෙකු පරීක්ෂා කර තිබුණි.

.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?