දේශීය

විභාග දින නියම වේ

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

පාසල් විවෘත කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ හා සාමාන්‍ය පෙළ යන විභාගයන් පැවැත් වීම සඳහා මෙලෙස දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව,

  • 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය  – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

මාස 6 ක පමණ කාලයක් කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා තිබූ පාසල්වල මේ වන විට අදියර කිහිපයක් යටතේ විවෘත කර තිබේ.

පසුගිය 21 වන දා ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණු අතර නොවැම්බර් මස 8 වන දින සිට දිවයිනේ සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?