දේශීය

විදුලි බිඳ වැටීමක් සිදු වන්නේ නැහැ – වෘත්තීය සමිති

ඛනිජ තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට හා මෙරට LNG සැපයුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව විරෝධය පළ කරමිනි.

කොළඹ පිහිටි විදුලිබල මණ්ඩයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දහවල් 12.00ට විරෝධතාවයේ නිරත වේ.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ මහතා කොළඹ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද විදුලි බිඳ වැටීමක් සිදු වීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරතවීමට නියමිතය.

ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද මහතා සඳහන් කළේ ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?