ක්‍රීඩා

කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවට ජය

විස්සටි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

එහිදී චරිත් අසලංක ලකුණු 68ක් රැස්කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 51ක් රැස් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී අන්ඩ්‍රෙ රසල් කඩුලු 2ක් ද ඩ්වේන් බ්‍රාවෝ එක් කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 190ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට පමණි.

එහිදී නිකලස් පූරන් ලකුණු 46ක් රැස් කළ අතර ෂිම්රොන් හෙට්මයර් නොදැවී ලකුණු 81ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?