දේශීය

විශ්‍රාමිකයින්ට රක්ෂණයක්

සියලු විශ්‍රාමිකයන්ට අග්‍රහාර විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව මුදලක් කපාගනු ලැබේ.

මෙලෙස අදාළ රක්ෂණ ක්‍රමයට විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගැනීම ආරම්භ කර ඇත්තේ පසුගිය පළමුවන දා සිටය.

වසය අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයන්ගෙන් මාසිකව රු. 400ක් ද වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයන්ගෙන් රු.600ක් වශයෙන් ද මාසික අයකරනු ලැබේ.

කෙසේවෙතත් මෙම රක්ෂණ ක්‍රමයට අකමැති, 2016 ජනවාරි පළමු වන දා ට පෙර විශ්‍රාම ගත් අය සිටී නම්, ඔවුන් ඔක්තෝබර් 29 සිට සති දෙකක් ඇතුළත සිය අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත ලිඛිතව දැනුම් දිය යුතු වේ.

යම්හේකින් මේ කාල සීමාව තුළ කිසිඳු ප්‍රතිචාර නොදක්වන්නේ නම් කැමැත්ත පළ කළා සේ සලකා වැටුපෙන් අදාළ මුදල් කපා ගැනීම සිදු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

එසේම අකමැත්ත ප්‍රකාශ කිරීමට ලබා දී තිබෙන සති දෙකක කාලයට පසු අකමැත්ත ප්‍රකාශ කර එවන ලිපි වලංගු නොවන බව ද දන්වා ඇත.

රජය විසින් මෙම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සඳහන් කරන්නේ රාජ්‍ය සේවකයන්ට හිමිව තිබූ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය පුළුල් කරමින් විශ්‍රාමිකයන්ට ද එම අවස්ථාව ලබාදුන් බවයි .

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?