දේශීය

2022 අයවැයට ඉතිහාසගත සහභාගිත්වයක්

2022 වසර සඳහා වන අයවැය ලේඛනය සම්පාදනයේ දී මෙරට අයවැය ඉතිහාසයේ පළමු වරට වැඩිම පිරිසකගේ සහ ආයතනවල දායකත්වය ලබාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් ආයතන සංවිධාන සහ පුද්ගලයන් විශාල පිරිසක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අර්ථිකයට පීඩනයක් ඇති වූ කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය අමාත්‍යවරයාගේ අදහස බව පවසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ සඳහා ස්තිරසාර වැඩපිළිවෙලක් සකස් කරමින් ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, විවිධ වෘත්තීය සංගම්, වෙළඳ ව්‍යාපාර සංවිධාන, ආනයනකරුවන්, තරුණ සංවිධාන, තේ, පොල්, රෙදි, එළවළු හා පළතුරු, ආහාර, මත්ස්‍ය, තොරතුරු තාක්ෂණය, පශු සම්පත්, මැණික් හා ස්වර්ණාභරණ, ධීවර යන අංශ ඇතුළු 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා දායක වී ඇත.

මෙවර අයවැය ලබන 12 වන දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?