Latestදේශීය

ඇමති ගොඩහේවා නැති ප්‍රශ්ණ හදනවා – අමාත්‍ය නිමල් ලංසා

ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල අභය භූමිය සහ ආසන්න විශාල භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා. එහිදී විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අදහස් දක්වන්නට වූනා. මෙහිදී  රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා ද අදාල ගැසට් පත්‍රයට තම විරෝධය ඵල කළා.

නැති ප්‍රශ්ණ ඇතිකරගන්නේ නැතුව වහාම ගැසට්පත්‍රය ඉවත් කළ යුතු බව මෙහිදී අමාත්‍ය නිමල් ලංසා මහතා අවධාරණය කළා.  වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලංසා අමාත්‍යවරයා,

”නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කුතහලය නිසා එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයකු විදියට මටත් විශාල ප්‍රශ්නයක්. දැන් වනජීවී හා වන සංරක්ෂණ කලාප ලෙස කිව්ව විදියට හෙක්ටයාර් 1,447 ක් ගැසට් කරල තියෙනවා. මේ ගැසට් කරලා තිබෙන 1,447 තුළ නීති විරෝධී වැඩ වෙනවා කියන එක කාදිනල් හිමිපාණන් සහ සියලුම සමාජයේ පරිසරය පිළිබඳව කථා කරන අය කියනවා. ඒ නිසා එම නිතී විරෝධී කටයුතු නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.

දැන් අලුත් ගැසට් එකේ හෙක්ටයාර් 4,400 ක් වැඩි කරලා, හෙක්ටයාර් 5,800 ක් පවරා ගැනීමට දාලා තියෙනවා. මේක තමයි අද සමාජයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඊයේ සියලු දේවස්ථානවල මේ පිළිබඳව කථා කළා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට නැති ප්‍රශ්න දාගන්නේ නැතුව, මේ දාපු ගැසට් එක ඉවත් කර ගමු.

අපි වන සංරක්ෂණය කරන්න ඕන නම්, වනය ආරක්ෂා කරන්න ඕන නම්, අභයභූමී ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගහලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අද වන විට ජනතාව විශාල කුතුහලයකට පත් වෙලා තියෙනවා.

අවුරුදු 150 – 200 හිටපු පල්ලි, පන්සල්, ගෙවල් ඔක්කොම ඉඩම් මේ මගින් යනවා. ඒ නිසා කළ යුත්තේ නැවත මිනින්දෝරුවරන් දාල වෙන් කිරීම නොවෙයි, 1998 දී හෙක්ටයාර් 1,447ක් හඳුනා ගෙන තියෙනවා. මේවා ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කර ඇති ප්‍රමාණයවත් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක මම ඉල්ලා සිටිනවා”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?