දේශීය

කටුනායක අධිවේගයේ පෑලියගොඩ හුවමාරුවේ කොටසක් වැසෙයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව නොවැම්බර් 14 වන දින උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස වසා තැබේ.

ඊට විකල්ප මාර්ග ලෙස කොළඹ නුවර මාර්ගයත් , කොළඹ – මීගමුව මාර්ගයත් භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?