දේශීය

සජබ උද්ඝෝෂණයට එරෙහිව වාරණ නියෝග

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?