දේශීය

රාජා එදිරිසූරිය ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ධුරවලින් මීට සති දෙකකට පමණ පෙර ඉල්ලා අස්විය.

දෙසැම්බර් මස පළමු වන දා අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර ඒ සමගම සභාපතිවරයාගේ තනතුර ද අහෝසි වී ගියේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිව් දෙනෙකුගෙන් යුත් එම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණි.

ඒ අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට වන ලිපි පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම සභාපතිවරයා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර එය භාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී යළිත් වරක් තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා ද ජනාධිපතිවරයා වෙත දැනුම් දුනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?