ක්‍රීඩා

LPL අවසන් වටයේ තරග අද ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (19) සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.

අවසන් වටයේ දී, අවසන් මහා තරගය ඇතුළු තරග 04ක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැන හිමිකරගත් කළම්බෝ ස්ටාර්ස් සහ එහි සිව්වන ස්ථානය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර අද පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන දෙවැනි තරගය රාත්‍රී 8.30ට ආරම්භ වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගත් ජැෆ්නා කින්ග්ස් සහ එහි දෙවන ස්ථානය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගය ජයගන්නා කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඍජුව සුදුසුකම් ලබන අතර පරාජිත කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ ජයග්‍රාහකයන් සමග හෙට (19) දිනයේ දී තරග වැදීමට නියමිතව ඇත.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේ දී තරග වැදීමට සුදුසුකම් ලබයි.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් මස 23 වන දා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?