දේශීය

ජවිපෙ සමග එක්ව ගමනක් යා හැකි බව දයාසිරි කියයි

දූෂණයෙන් තොර ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කිරීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේ වාමාංශික බලවේග සියලුදෙනාම එකතු කරගත යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවයි.

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පිරිසිදු පක්ෂක් එකතු වී අනාගතය ගොඩනගන්න ඉඩකඩ තිබෙන බව ද ඔහු එහිදී කියා සිටියේ ය.

“සන්ධානගතව වැඩකරන්න අවශ්‍යනම් ඒ සඳහා අපිට හැකියාව තියෙනවා කියන එකයි මම ප්‍රකාශ කළේ.” යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?