දේශීය

රටම මන්දපෝෂණ අවදානමක

මස්, මාළු, කිරි, බිත්තර, එළවළු සහ පළතුරු වැනි පෝෂ්‍යදායී ආහාර මිලට ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙන් ඉදිරි කාලයේ දී මෙරට දරුවන් ඇතුළු ජනතාව දැඩි මන්දපෝෂණ තත්ත්වය හා ඉතා පහසුවෙන් රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතැයි පෝෂණවේදීන් ඇතුළු වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

පෝෂණ අවශ්‍යතා සපුරා ගැනිමට නම් ප්‍රමාණවත් ආහාර වේලක් සමබල ලෙස ලබා ගත යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වේ.

නමුත් දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ දෙනකු සිය ආහාර වේල් ගණන සීමා කිරීමට හෝ ආහාරයට එක්කර ගන්නා ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කර තිබේ.

වසංගතය පැතිර යන කාලයක පෝෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ගැටලුකාරී වී ඇතැයි වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණවේදී මහාචාර්ය රේණුක සිල්වා මහතා සඳහන් කළේය.

ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආහාර ගත යුතු ආකාරය පිළිබඳ පැවසූව ද ඒවා අනුගමනය කිරීමේ දී ජාතික වශයෙන් ඉදිරි කාලයේ දී රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධව ගැටලුකාරී බවක් මතු වෙමින් පවතින බව මහාචාර්යවරයා අවධාරණය කළේය.

කෙතරම් එන්නත් ලබා ගත්තත් ශරීරයේ අභ්‍යන්තරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නිසි ආහාරවේලක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එනනත්කරණය සිදු නොවන නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය සඳහා පෝෂණය අත්‍යාවශ්‍යම කරුණක්. පෝෂණ නිර්දේශයන්ට අනුව එක් පුද්ගලයෙක් දිනකට ග්‍රෑම් 400 (පිසින්නට පෙර) බරකින් යුතු එළවළු, පළතුරු ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි. තුන් දෙනෙක්ගෙන් යුත් පවුලක් නම් දිනකට එළවළු පළතුරු කිලෝ එක හමාරක ප්‍රමාණයක්වත් එකතු කර ගත යුතුයි.

පැතිරයන කොවිඩ් වෛරස වසංගත තත්ත්වය හමුවේ පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පිරිසට වෛරසය ආසාදනය වුවහොත් දරුණු රෝගාබාධ පවා මතු විය හැකි බව වයඹ සරසවියේ මානව පෝෂණවේදී මහාචාර්ය රේණුක සිල්වා මහතා පවසනවා. අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සහ සමස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය 18.3%ක් බවත් දැනට අනාවරණය කර ගෙන තිබෙනවා. ඉදිරියේ දී උපදින දරුවන් බුද්ධි මට්ටමින් අඩු දරුවන් ලෙස උපත ලැබීමට වැඩි ඉඩක් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ආහාර හිඟයක් ඇති වන බව විද්වතුන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?