දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට නව සමාගමක්

Trinco Petroleum Terminal Ltd  නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිට වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වෙන බවයි.

එය ඵලදායිව අවසන් කර ලක් රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන Trinco Petroleum Terminal Ltd සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශ්වාසය පළ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?