දේශීය

වැඩි වන බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීම අද

සංශෝධිත නව බස් ගාස්තු අද (29) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට අමතරව, වාහන අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමිනි.

අවසන් තීරණයකට පෙර බස් සමාගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පසුගිය දා බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ගාස්තු සංශෝධනය විය යුතු ප්‍රතිශතයන් ගණනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දුන් අතර බස් සංගම්වල යෝජනා ද කැඳවනු ලැබුවා.

ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් නව ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

නව සංශෝධනයන්ට අනුව දැනට රුපියල් 14.00ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් ඉහළ දැමීමටත් අනෙකුත් ගාස්තු10%කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?