දේශීය

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට 84 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබු බව වාර්තා වේ.

සටන් නළුවෙකු ලෙස ජනාදරයට පත් රොබින් ප්‍රනාන්දු මහතා 1965 වසරේ දී චණ්ඩියා චිත්‍රපටයෙන් රංගනයට පිවිස ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

සිකුරුලියා, හාර ලක්ෂය, අපේක්ෂා, සප්ත කන්‍යා ආදී චිත්‍රපට රැසකම චරිත නිරූපනය කළ ඒ මහතා අවසන් වරට රංගනයෙන් දායක වී තිබුණේ 2018 වසරේ දී තිරගත වූ ආදරෙයි මං චිත්‍රපටය සඳහා ය.

රොබින් ප්‍රනාන්දු මහතා සිය දිවි ගමන තුළ සිංහල චිත්‍රපට 80කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

ටෙලිනාට්‍ය ගණනාවකට ද දායකත්වය ලබාදුන් ඔහුගේ ප්‍රථම රූපවාහානි රංගනය එංගලන්තයේ දී රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉර බටු තරුව හරහා සිදු විය.

මීට අමතරව චන්ද්‍ර මායා, හැංගිමුත්තම්, පාරාදීසය සහ දාමිණී යන රූපවාහිනි කතා මාලාවලට ද ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?