Latestදේශීය

කොළඹ සිට ගාල්ලට දැවැන්ත පෙළපාලියක් – දුමින්ද නාගමුව

“ඇත්ත බලාපොරොත්තුවක් මහජන ව්‍යාපාරයක්” යන තේමාව යටතේ   ජනතාව තුළ ඇත්ත බලාපොරොත්තුවක් ඇති කරමින් අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජන පෙළගැස්මක් සංවිධානය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂහ සංවිධානය කළ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් නාගමුව මහතා මේ අදහස් ඵල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා, හෙට සිට දින 3ක් එනම් 25, 26, 27 කොළඹ සිට ගාල්ලට දැවැන්ත පෙලපාලියක් සංවිධානය කරන බව පැවසුවා.

එම පෙළපාලියේ දී අත් පත්‍රිකා බෙදමින්, නගරවල රැස්වීම් පවත්වමින් ජනතාව දැනුවත් කරන්නටත් විවිධ සංස්කෘතික අංග හරහා ජනතාව අතරට ඇත්ත පනිවුඩය රැගෙන යන්නටත් ක්‍රියා කරන බව ඔහු පැවසුවා.

මේ මොහොතේ දේශපාලනය තුළ කළ යුත්තේ මහජනතාව තුළ පැනනගින විරෝධතාවය කොල්ලකෑම නොව මහජන ව්‍යාපාරය හරහා ජනතාවගේ ගැටලුවලට විසදුම් සාමූහිකව ලබා ගැනීම බැවින් තම පක්ෂය ඒ සදහා පෙරටුගාමී කාර්යභාරය සිදු කරන බව නාගමුව මහතා වැඩිදුරටත් පැවසුවා.

චීනය,ඇමරිකාව, ඉන්දියාව වැනි අධිරාජ්‍යවාදීන් රටවල් දුර්වල කර සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලට එරෙහි, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි, ජාතිවාදයට එරෙහි,  ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකරමින් ගොඩනගන මිලිටරිකරණයට එරෙහි, මිනිසාගේ සහ සොබාදහමේ පැවැත්ම විනාශ කරන වැඩපිළිවෙලට එරෙහි මෙන්ම සමාජ පසුගාමිත්වයට එරෙහි පුළුල් මහජන ව්‍යාපාරයක් හරහා ජනතාව දැනුවත් කිරීමට සහ සංවිධානය කිරීමට උපරිමයෙන් ක්‍රියා කරන බව දුමින්ද නාගමුව මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?