Latestදේශීය

ඇමති බන්දුල පිටකොටුවට – සතොස සහල් මිල පහළට

සතොස මගින් ලබාදෙන සම්බා සහ නාඩු සහල් මිල අද (29) සිට පහළ දැමීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පිටකොටුව සහල් තොග වෙළඳසැල් පරීක‍ෂා කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාකිස්තාන සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි අමාත්‍යවරයා සහල් තොග මිල සොයා බැලීම සඳහා අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි

මෙම පරීක‍ෂා කිරීමෙන් අනතුරුව සතොස හා සමූපකාර සේවා අධිකාරිවරයාට දුරකථන මාර්ගයෙන් දැනුම්දෙනු ලැබුවේ සතොස නිකුත් කරන සම්බා සහ නාඩු සහල් මිල අද පෙරවරුවේ සිට පහත දමන ලෙසයි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහල් මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස නාඩු සහල් රුපියල් 105යි. අද සිට සම්බා 128යි. කිලෝ 10ක් පාරිභෝගිකයාට දෙනවා. වරායේ තවත් සහල් විශාල තොගයක් තියෙනවා හිර වෙලා. ඒ ටිකත් ආවොත් වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වෙයි.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?