Latestදේශීය

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසියි

සාමාන්‍ය ගාස්තු මත දිවෙන බස් රථවලත් අර්ධ සුඛෝපභෝගී බස් රථවලත් වෙනසක් නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තහනම් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මෙරට පොදු ප්‍රවාහන සේවා බස් රථ සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභොගී යන ඛාණ්ඩ යටතේ ධාවනය වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ, අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන අතර සුඛෝපභෝගී බස් රථ සඳහා අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් අය කරන බවය.

අර්ධ සුඛෝපභෝගී බස් රථවලට ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරවීම අනිවාර්යය.

නමුත් අර්ධ සුඛෝපභෝගී කාණ්ඩ යටතේ ධාවනය වන ලංගම මෙන්ම පුද්ගලික බස් රථ වැඩිපුර ගාස්තුද අය කරමින් බස් රථයේ ආසන ගණනට දෙතුන් ගුණයකට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කරන බවට නිරීක්ෂණය වී ඇතැයිද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?