Latestදේශීය

කුණු බිත්තර, තක්කාලි අරගෙ‌න ජනාධිපති මැදුරත්, අරලියගහ මැදුරත් වටලනවා – ලාල් කාන්ත

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ගේ රථයට එල්ල වූ බිත්තර ප්‍රහාරය හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබෙනවා.

පසුගිය දා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුනු ගම්පහ දිස්ත්‍රික් සමුළුවට අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙමින් සිටියදී මෙම ප්‍රහාරය සිදුවුනා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා පොලිසියට භාර දීමට සමුළුවේ සංවිධායකයින් කටයුතු කළා.

වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී සැකකරුවන් දෙදෙනා සඳහන් කර තිබුණේ තමන් සමග තවත් 16 දෙනෙකු පැමිණි බවයි.

මේ අතර අද(31) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය ආරක්ෂා කිරීමට ජනතාව පෙලගැසී ඇති බවයි.

තවද පක්ෂයේ සහෝදරයින්ගෙන් ලැබෙන ආරක්ෂාව හමුදා පුහුණුවකින් ලබන ආරක්ෂාවට වඩා ප්‍රභල එකක් යැයි ද විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළා.

ප‍්‍රහාරය පසුපස සිට පුද්ගලයන් කවුද යන්න එම ප්‍රහාරය සිදු කළ අයම මේ වන විටත් හෙලිදරව් කර ඇති බව මන්ත්‍රිවරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.

අනුර කුමාර දිසානායක මහතාට එල්ල කළ බිත්තර ප්‍රහාරයට විරෝධය දැක්වීමට ජාතික විරෝධතා දිනයක් සංවිධානය කරන බව ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරනවා. තවද කුණු බිත්තරයක්, කුණු තක්කාලි ගෙඩියක් අතින් ගෙන ජනාධිපති මන්දිරයටත් අගමැති මන්දිරයටත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ලාල් කාන්ත මහතා යෝජනා කරනවා.

වෘත්තීය සමිති ව්‍යාපරය එම කටයුත්තට නායකත්වය දෙන්න සූදානම් බැවින් ඒ සදහා සියලු දෙනා අත්වැල් බැගනන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුනු ජන හමුවක් අමතමින් ලාල් කාන්ත මහතා මේ අදහස් ඵල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?