Latestදේශීය

යාපනයෙන් කොවිඩ් රෝගීන් 5ක්

පසුගියදා යාපනයේදී කොවිඩ් – 19 ආසාදිතයන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කොට තිබේ.

පසුගිය සතියේදීද යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොවිඩ් – 19 ආසාදිතයන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට අවශ්‍ය නිරෝධායන පහසුකම් ලබා දී තිබිණි.

අලුතෙක් කොවිඩ් – 19 ආසාදිතයන් 05 දෙනා හමු වී ඇත්තේ මුලින් කොවිඩ් – 19 ආසාදිතයන් හමුවීමෙන් පසුව සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන්ව PCR පරීක්ෂණවලට ලක් කිරීමෙනි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ තවදුරටත් කොවිඩ් – 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය පුරා වෛරසය ව්‍යාපත් වීම වැලැක්වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?