Latestදේශීය

පොරමැඩිල්ල වනාන්තරයට අත තිබ්බොත් බලාගමු –  ජගත් පුෂ්පකුමාර

අක්කර තුන්සිය පනහක් පමණ ඇති පොරමැඩිල්ල වනාන්තරයෙන් අක්කර දෙසියයක් පමණ පෞද්ගලික සමාගමකට මඤ්ඤොක්කා වැවීමට ලබා දීමේ සූදානමක් ඇතැයි මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පවසනවා.

 මෙම වනාන්තරය එලිපෙහෙලි කළහොත් එහි සිටින අලින් ඇතුළු සතුන්ට යන එන මං නැතිව ගම්මැද මිනිස්සු මරා දමනු ඇති බව පවසන මත්ත්‍රීවරයා එම භූමිය ලබාදුනහොත් ජනතාව සමග පැමිණ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වට කිරීමට තමන් නායකත්වය දෙන බවද පවසනවා.

මෙම තීන්දු ගන්නා පාලකයන් සිටින්නේ අඩි දහයක් විතර උඩින් බව පැවසූ මන්ත්‍රීවරයා මේ තීරණය මගින් පරිසර සහ ගොවි අර්බුද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බව වැඩිදුරටත් පැවසුවා. මෙම තීන්දුව හකුලා ගත්තේ නැත්නම් තමන් ගේ නායකත්වයෙන් අරගලයක් පටන් ගන්නා බවත් ජගත් පුෂ්පකුමාර යනු කවුද කියා පෙන්වන්න සූදානම් බවත් අවධාරණය කළා.

බුත්තලදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් ඵලකළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?