Latestදේශීය

බොරතෙල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

(අංජුල මහික වීරරත්න)

බොර තෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s vitol asia pre.Ltd. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

2024-1-15 දින සිට 2024-6-14 දක්වා කාලයේ බොරතෙල් මිලදී ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

එම කාලයේ බොරතෙල් නැව් තොග තුනක් 109%ක්  ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳයා ඇති අතර ඒ සඳහා ලංසු දෙකක් ලැබී ඇත.

එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත අදාල සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?