දේශීය

කොළඹ ප්‍රධාන මාර්ගයක ගමනාගමනය සීමා කෙරේ

කොළඹ – හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද (13) සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

මෙම පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු උදෑසන 6.00 සිට සවස 3.00 දක්වා කොළඹ දෙසට මංතීරු 2ක් සහ හොරණ දෙසට මංතීරු එක්ක ද සවස 3.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා කොළඹ දෙසෙට මංතීරු එකක් සහ හොරණ දෙසට මංතීරු 2ක් වශයෙන් වාහන ගමනාගමනය සීමා කර ඇත.

එමෙන්ම උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා සහ සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මතින් ගමනාගමනය නවත්වන බව දන්වා තිබේ.

මෙම කාලය තුල මාර්ග අවහිරතාවය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා පහත විකල්ප මාර්ග ඉදිරිපත් කර තිබේ.

  • හොරණ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පිළියන්දල – කටුබැද්ද හරහා ගාලු පාරට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකිය.
  • හොරණ සිට වේරහැර දක්වා ගමන් කරන වාහන ගාලු පාර ඔස්සේ රත්මලාන – බොරුපන මාර්ගය හරහා වේරහැර වෙත පැමිණිය හැකිය.
  • කොළඹ සිට හොරණ දෙසට ගමන් කරන වාහන බොරලැස්ගමුව සිට මහරගමට පැමිණ මහරගම සිට පිළියන්දල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?