සටන් විරාමයකට යුක්රේනයෙන් ඇරයුම්
ප්‍රමාදයකින් තොරව අර්ථවත්, ආරක්ෂක හා සාම සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සිලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලීමක් කර ඇත.
සිය රට ආක්‍රමණය කිරීමට රුසියාව ගත් වැරදි තීරණයේ හානිය අවම කිරීමට ඇති එකම අවස්ථාව මෙය බව ඔහු පවසා තිබේ.
හමුවීමට, සාකච්ඡා කිරීමට හා යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට කාලය එළැඹ ඇති බවත් එසේ නොවුණහොත් රුසියාවට සිදුවන පාඩුව අවම කිරීම සඳහා තවත් පරම්පරා කිහිපයක් අවශ්‍ය වනු ඇති බවත් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සිලෙන්ස්කි පවසා ඇත.
කෙසේ වෙතත් මේ අතරේ යුක්රේනයේ මරියපෝල් නගරයේ යුද්ධයෙන් අවතැන්වූවන් රැඳී සිටි ගොඩනැගිල්ලකට රුසියාව විසින් ප්‍රභල ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයින් 350,000ක් පමණ එම ගොඩනැගිල්ල තුළ සිර වී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කළේය.
එම වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ මරියපෝල් නගරය මේ වනවිටත් රුසියානු හමුදාව වට කර අවසන් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
