දේශීය

ඉන්ධන අර්බුධයට නව විසදුමක් – බලශක්ති අමාත්‍යංශය

ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට රාජ්‍ය බැංකුවලට අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා පෞද්ගලික වාණිජ බැංකුවල සහය ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.

පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව  දෛනික විනිමය අනුපාත අගයන් අනුව පෞද්ගලික වාණිජ බැංකු මගින් ඩොලර් මිලදී ගෙන ඉන්ධන මිලදී ගැනිමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම සඳහා රාජ්‍ය බැංකුවලට සහය විමට ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.  

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ යාම හමුවේ ඉන්ධන රැගත් නෞකා වෙනුවෙන් ගෙවිම් කිරීමට රාජ්‍ය බැංකුවලට ප්‍රමාණවත් ඩොලර් නොමැති වීම තුළ ඉන්ධන අර්බුධය උත්සන්න වූ බව හදුනාගෙන ඇත.

පසුගිය 14වැනිදා මෙරටට ලඟා වූ සිංගප්පුරුවේ සිට පැමිණි නෞකාවේ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් නිදහස් කර ගැනීමට මෙමගින් හැකිවන බවත් ඛනිජතෙල් අමාත්‍යංශය පවසයි.

මේ අතර ඉන්දියානු ණය පහසුකම යටතේ පසුගිය 15 වැනිදා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණි අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ‍ඉන්ධන නෞකාවක් ද අද (20) මෙරටට පැමිණිමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

 තවද දෛනික අව්‍යශතාවය ප්‍රමානවත් ඉන්ධන තොග ඇනවුම් කර ඇති නමුත් පවතින විනිමය අර්බුදය හමුවේ ගෙවීම් කිරිමේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් නෞකා ප්‍රමාද වීම සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

(21) දිනයේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?